31.1 C
Galle

ධානිෂ් අලී රිමාන්ඩ්

Published:

ගුවන් හානයක දී අත්අඩංගුවට ගත් ධානිෂ් අලි අගෝස්තු 05 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබේ.

පසුගිය 26 වැනි දා ඩුබායි බලා යාමට ශ්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් යානයකට ගොඩ වී සිටිය දී කටුනායක ගුවන්තොටුපොළේ දී ඔහු අත්අඩංගුවට ගැණිනි.

ඊයේ සවස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගම‍ගේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මෙලෙස රිමාන්ඩ් කර තිබිණි.

පසුගිය ජූලි 13 වැනි දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පිරිසක් සමඟ ඇතුළු වී ප්‍රකාශයක් කරමින් එහි විකාශන කටයුතු  යම් කාලසීමාවකට අත්හිටුවීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව පොලිසිය පවසයි.  

Related articles

spot_img
error: Content is protected !!