31.1 C
Galle

කළුතර ගින්නකින් ලී මෝලක් විනාශයි

Published:

කළුතර, වස්කඩුවේ ලී මෝලක අද (28) අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම ලී මෝල විදෙස් රටවලට අපනයනය කිරීම සඳහා පැලට් ලෑලි නිෂ්පාදනය කරන ස්ථානයකි. එහි ලී පදම් කිරීමට භාවිතා කරන බොයිලේරුවක් සහිත කොටසේ මෙම ගින්න හටගෙන තිබේ.

කළුතර නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දැමුව ද ඒ වනවිට අපනයනයට සූදානමින් ගබඩා කර තිබූ ලෑලි සියල්ල විනාශ වී ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

සිදු වූ හානිය මෙතෙක් ගණනය කර නැති අතර, ගින්නට හේතුව ද අනාවරණය වී නැත.

Related articles

spot_img
error: Content is protected !!