31.1 C
Galle

අගමැති මැදුරේ ටීවී සොරකම් කළැයි අයෙක් රිමාන්ඩ්

Published:

අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 10 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගම‍ගේ අද (28) නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ මෙම සැකකරු පසුගිය 09 වැනි දා අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි තිබූ ‍රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කළ බව අනාවරණය වූ බවයි. සිද්ධියට අදාල විමර්ශන අවසන් නැති බැවින් ඔහු රිමාන්ඩ් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීමට අනුව මෙම නියෝගය ලබා දී ඇත.  

Related articles

spot_img
error: Content is protected !!