31.1 C
Galle

ජනපති මැදුරෙන් හමු වූ ලක්ෂ 178.5 අධිකරණයට බාර දෙන්න යැයි නියෝගයක්

Published:

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් කොටුව පොලිසිය බාර දී ඇති මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි අද (28) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගම‍ගේ නියෝග කළේය.

පසුගිය 09 වැනි දා අරගලකරුවන් විසින් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදලක් (17,850,000.00) ජනාධිපති මන්දිරයේ දී කොළඹ කොටුව ස්ථානාධිපතිවරයාට බාර දී තිබිණි. කොටුව පොලිසිය මේ බව අධිකරණයට දන්වා තිබුණ ද එම මුදල් සම්බන්ධ කිසිදු වාර්තාවක් මේ දක්වා ම අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා ස්ථානාධිපතිට නියෝග කළේ ය.

Related articles

spot_img
error: Content is protected !!