25.8 C
Galle

දරුවන් අතර උණ රෝගයක් පැතිර යන බවට අනතුරු ඇඟවීමක්

Published:

පාසල් දරුවන් අතර උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත් දෙමාපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය චන්න ද සිල්වා පවසන්නේ කොරෝනා, ඩෙංගු හෝ වෙනත් වයිරස් උණ හේතුවෙන් මෙලෙස සිදුව ඇති බවයි.

වෛද්‍ය චන්න ද සිල්වා පවසන්නේ පසුගිය වර්ෂ දෙකට සාපේක්ෂව මෙම වසරේ උණ රෝගයෙන් පෙළෙන දරුවන්ගේ විශාල වැඩිවීමක් දක්නට ඇති බවයි.

“දරුවකුට පැය 24ට වඩා උණ තත්වයක් පවතී නම්, ඔවුන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම්, ක්‍රියාකාරීත්වය අඩු බවක් පෙනෙනවා නම්, වමනය, මුත්‍රා පිටවීමේ අඩුවීමක්, සම මතුපිට බිබිලි ඇතිවීමක් තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.”

වෛද්‍යවරු පවසන්නේ මේ උණ රෝගයේ වර්ධනයත් සමඟ කොවිඩ් පැතිරයාමේ අවදානමක් ද ඇති බැවින් මුඛ ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය බවයි. රෝග ලක්ෂණ ඇති දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ද ඔහු ඉල්ලා සිටියි.

Related articles

error: Content is protected !!