31.1 C
Galle

පාර්ලිමේන්තුවේ වාර අවසාන කරයි

Published:

පාර්ලිමේන්තු සැසිවාරය අද (28) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයා විසින් වාර අවසාන කර තිබේ. ඊට අදාල ගැසට් නිවේදනය ද නිකුත් කර ඇත.

මෙලෙස අවසන් කර ඇත්තේ නම වැනි පාර්ල‍ිමේන්තුවේ දෙවැනි සැසිවාරයයි. ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි වාරය යළි ලබන අගෝස්තු 03 වැනි දා ආරම්භ වීමට නියමිතය.

නව ජනාධිපතිවරයකු පත් වූ පසු පාර්ලිමේන්තුව වාරඅවසාන කර උත්සවාකාරයෙන් විවෘත කිරීම  සාමාන්‍ය සම්ප්‍රදායකි.

පාර්ලිමේන්තුව  වාර අවසාන කිරීමත් සමගම එහි කෝප්, කෝපා ඇතුළු   කමිටු 50 කට වැඩි සංඛ්‍යාවක් අහෝසි වෙයි. එම කමිටු සක්‍රියවීමට නම් ඒවායේ  සාමාජිකයන් පත්කර නැවතත් පිහිටවනු ලැබිය යුතුය.

Related articles

spot_img
error: Content is protected !!