31.1 C
Galle

QR ක්‍රමයේ අලුත්ම තත්වය මෙන්න

Published:

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමයට අගෝස්තු 01 වැනි දා සිට ඉන්ධන ලබාදීම දිවයින පුරා ක්‍රියාත්මක කරන බව විදුලිබ හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ අද (28) සවස 4.00 වනවිට පුද්ගලයන් ලක්ෂ 44ක් ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වී QR කේතය ලබාගෙන ඇති බවයි.

එමෙන් ම ජුනි 21 වැනි දා සිට මේ දක්වා රට පුරා ඉන්ධන පිරවුම්හල් 801ක QR ක්‍රමය පරීක්ෂා කර ඇති බවත් ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසා ඇත. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අද දිනයේ ස්ථාන 464ක ගනු දෙනු 122,469ක් QR භාවිතයෙන් සිදුකළ බවයි.

Related articles

spot_img
error: Content is protected !!