31.1 C
Galle

ජනපති කොඩිය රැගෙන ගිය තැනැත්තා අත්අඩංගුවට

Published:

හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධජය පැහරගෙන ගොස් එය ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිතා කළා යැයි කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු එම ධජය ඇඳ ඇතිරිල්ලක් ලෙස යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශනයක පෙනී සිට ප්‍රකාශයක් ද නිකුත් කර තිබිණි. එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව දැන අද (28) උදෑසන හෙතෙම වේල්ල වීදිය පොලිස් ස්ථානයට පැමිණ බාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිඥයකුගේ මාර්ගයෙන් පොලිසියට භාර වූ ඔහු පිළිගත් දේශපාලන පක්ෂයකට අයත් වෘත්තීය සමිතියක ඉහළ නිලයක් හොබවන අයකු බව ද පොලිසිය කියයි. මෙම තැනැත්තා මාළඹේ පදිංචි 54 හැවිරිදි අයෙකි.

Related articles

spot_img
error: Content is protected !!