31.1 C
Galle

සාමණේර හිමිට අතවර කළා යැයි කාන්තාවක් අත්අඩංගුවට

Published:

මොරටුව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන බාලවයස්කාර සාමණේර හිමිනමක් තම නිවසට කැඳවාගෙන ගොස් ලිංගික අප‍යෝජනයක් සිදුකළා යැයි සැකපිට 51 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස පවසයි.

අපයෝජනයට ලක් වූ බව කියන සාමණේර හිමියෝ 15 හැවිරිදි වියේ පසුවෙති.

එම හිමියන් වැඩ වාසය කළ විහාරස්ථානයට ආසන්න නිවසක පදිංචි කාන්තාව විසින් හිමියන් ඇගේ නිවසට අවස්ථා දෙකක දී කැඳවාගෙන ගොස් ලිංගික අප‍ොය්ජනයට ලක්කර ඇති බව මොරටුව මූලස්ථාන පොලිසිය පවසයි.

ඒ පිළිබඳ සාමණේර හිමියන් විසින් විහාරාධිපති හිමියන් දැනුම්වත් කිරීමෙන් පසු ප‍ොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් අනුව කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!