31.1 C
Galle

ජනාධිපති මන්දිරයෙන් හමු වූ මුදල් අධිකරණයට බාර දෙයි

Published:

ජනාධිපති මන්දිරයේ තිබී හමුවී, අරගලකරුවන් විසින් පොලිසියට බාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්ෂ පනස් දහසක මුදල අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් බාරදෙනු ලැබීය.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ මේ මුදල බාරදුන් අතර එය බාරදීම සඳහා සති තුනකට වඩා වැඩි කාලයක් ගත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න යැයි ද මහේස්ත්‍රාත්වරයා අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ ය. එම මුදල් පොලිසිය විසින් අධිකරණයට වාර්තා කර හෝ බාර දී නැතැයි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් ඊයේ (28) අධිකරණයට දැනුම් දීමෙන් පසු එම මුදල් වහාම බාර දෙන ලෙස අධිකරණය නියෝගයක් නිකුත් කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!