30 C
Galle

කොළඹ පෙර පාසල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර නගර සභාවෙන්

Published:

කොළඹ පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන් සඳහා පෝෂ්‍යදායී දිවා ආහාරවේලක් ලබාදීමේ ව්‍යාපෘතියක් නගරාධිපතිනි රෝසි සේනානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

නගරාධිපතිනියගේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ ළමා අරමුල (UNICEF) මේ සඳහා මූල්‍යාධාර සපයයි.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 12ක්, ආධාර ලාභී පෙර පාසල් 25ක්, දිවා සුරැකුම් මද්‍යෂ්ථාන 04 මේ සඳහා තෝරාගෙන ඇති අතර ඒවායේ ළමයි 1,200 ක් සඳහා මෙම පෝෂ්‍යදායී දිවා ආහාර ලබා දීම සිදුකරයි.

නගරාධිපතිනි රෝසි සේනානායක පවසන්නේ එක් දරුවකු සඳහා දිනකට රුපියල් 100.00ක වියදමින් මෙම ආහාර ලබාදෙන බවයි. ඒ අනුව එක් දිනක වියදම රුපියල් 120,000.00ක් පමණ වෙයි.

Related articles

spot_img
error: Content is protected !!