30 C
Galle

ගෑස් පෝළිම් අවසන් කළ බව ලිට්‍රෝ සමාගම කියයි

Published:

ලිට්‍රෝ සමාගමේ ගෘහස්ථ ගෑස් මිල දී ගැනීම සඳහා වූ පෝළිම් අවසන් වී ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

ජූලි මාසයේ දී පමණක් ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක ගෑස් සිලින්ඩර තොග බෙදා අවසන් කර ඇතැයි ද ඒ හේතුවෙන් තවදුරටත් ගෑස් පෝළිම් තිබිය නොහැකි යැයි ද ලිට්‍රෝ සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී.කේතේෂ්වරම් අද (29) මාධ්‍යට කීවේය.

මේ අනුව දිනකට සිලින්ඩර 100,000කට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා බෙදාහැරීමට කටයුතු කරන බවත් සියලු අළෙවි නියෝජිතයන්ට සාමාන්‍ය ආකාරයෙන් ගෑස් නිකුත් කිරීම සිදුකරන බවත් ඔහු පවසයි.

ගෑස් නොමැතිවීම හේතුවෙන් වසා දමා තිබූ ආපනශාලා සහ කර්මාන්තශාලා යලි විවෘත කිරීමට හැකියාව ඇති බව ද ඔහු කීවේය.

Related articles

spot_img
error: Content is protected !!