25.8 C
Galle

මත්පැන් අළෙවිය ගැන ජනාධිපති දුන් අලුත්ම නියෝගය

Published:

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක කලාප ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශවල පිහිටි නවාතැන් සහ සංචාරක සේවා සපයන ආයතනවල වයින් සහ බියර් යන මෘදු මත්පැන් අළෙවි කිරීමට රජය අවසර ලබා දී තිබේ.

සුරාබදු ආඥා පනත යටතේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිප්තති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ සම්බන්ධ නියෝගය නිකුත් කර ඇත.

සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙම තීරණය ගත් බවත්, සංචාරකයන්ට ආහාර පාන සපයන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතනවලට මෙම අවසරය ලැබෙයි.

එම මෘදු මත්ද්‍රව්‍ය අළෙවි කිරීමට ඔවුන්ට අවසර හිමිවන්නේ රුපියල් 25,000.00ක වාර්ෂික බදු මුදලකට යටත්ව බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Related articles

error: Content is protected !!