25.8 C
Galle

මැති ඇමති පිල් මාරුවක් ? පිරිසක් එජාපයට

Published:

මේ වනවිට ආණ්ඩුව නියෝජනය කරමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දක්වමින් සිටින මන්ත්‍රීවරු සහ ඇමතිවරු පිරිසක් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සැළසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පක්ෂවලින් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරු මෙන් ම, පසුගිය කාලයේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ කිහිප දෙනෙකු ද මෙසේ එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සූදානමින් සිටින බව සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

දැනට කැබිනට් මණ්ඩලයේ සිටින කිහිප දෙනකු ද මේ අතර සිටින බව ද දැනගන්නට ඇත.

Related articles

error: Content is protected !!