25.8 C
Galle

ගුවන් හමුදා රථයක් දුම්රියේ ගැටී සෙබළකු මරුට

Published:

ගුවන් හමුදාවේ වෑන් රථයක් අද (31) අලුයම දුම්රියේ ගැටීමෙන් ගුවන් හමුදා සෙබළකු මියගොස් එක් සෙබළකු  තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වීරවිල ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි සෙබළකු බව ගුවන් හමුදාව කියයි.

අලුයම 1.30ට පමණ කළුතර සිට කොළඹ දෙසට දුම්රියක් ගමන්කර ඇති අතර මුහුද‍ු වෙ‍රළ පිවිසුම් මාර්ගයක සිට වෑන් රථය දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගාලු පාර දෙසට පැමිණීමේ දී මේ අනතුර සිදුව ඇත.

තුවාල ලැබූ දෙදෙනා කළුතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් සෙබළකු මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!