25.8 C
Galle

වරෙන්තු ලැබූ අරගලකරුවෙක් අල්ලන් ගිය පොලිසිය 05 දෙනකු අත්අඩංගුවට ගනී

Published:

ජනාධිපති මන්දිරයට අලාභහානි සිදුකළා යැයි සැකපිට වරෙන්තු ලබා සිටි තරුණයකු අත්අඩංගුවට ගිය පොලිසිය ඔහුගේ නිවසේ සිටි තවත් තරුණයන් 04 දෙනකු ද අත්අඩංගුවට ඇතැයි වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ නුවරඑළිය පොලිසියේ නිලධාරීන් විසිනි.

අරගලයට සම්බන්ධ වී ජනාධිපති මන්දිරයට අලාභහානි සිදුකළා යැයි සැකපිට නුවරඑළියේ පදිංචි තරුණනයකු අත්අඩංගුවට ගැනීම සඳහා නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් අනුව පොලිසිය එම තරුණයාගේ නිවසට ගොස් ඇත.

එම අවස්ථාවේ එහි තවත් තරුණයන් සිව් දෙනකු රැඳී සිටි බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීෆම් දී එම සිව්දෙනා ද අරගලයට සම්බන්ධඅය බවත් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් නුවරඑළියේ මිතුරාගේ නිවසට පැමිණ සැඟවී සිටි බවත් පවසා තිබේ. පොලිසිය පවසන්නේ ‍වරෙන්තු ලබා සිටි තරුණයා සහ ඔහුගේ මිතුරන් සිව් දෙනා ද අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන් පස් දෙනා ම නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related articles

error: Content is protected !!