30 C
Galle

මිනී මැරුමක සැකකරුවන් දෙදෙනකු ඩුබායි යාමට සැරසෙද්දී අත්අඩංගුවට

Published:

මිනී මැරුමක සැකකරුවන් ලෙස පොලිසිය විසින් හඳුනාගෙන සිටි යුවළක් හොර රහසේ ම ඩුබායි වෙත යාමට ගුවන් තොටුපොළට පැමිණ සිටිය දී ඊයේ (31) අත්අඩංගුවට ගත්බව ගුවන් තොටුපොළ පොලිසිය පවසයි.

ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ මිනී මැරුවක් සම්බන්ධයෙන් මේ යුවළ පොලිසියට අවශ්‍යව තිබිණි. නමුත්, ඔවුන් දෙදෙනා ඩුබායි ලා යාමට කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇතැයි ලැබුණු තොරතුරටක අනුව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය විසින ඒ බව ආගමන විගමන නිලධාරන් වෙත දැනුම් දී තිබිණි. එම දැනුම්වත් කිරීමට අනුව ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් එම යුවළට තාවකාලික ගුවන් ගමන් තහනමක් පනවා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!