25.4 C
Galle

තෙල් පෝළිමක තවත් මරණයක්

Published:

ගම්පොළ නගරයේ ඉන්ධන පිරවුම්හළකින් ඩීසල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් දින කිහිපයක් රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ම මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ විදුලි ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කරමින් සිටි 51 හැවිරිදි සිව් දරු පියෙකි.

ඔහු තම හිතවතකුට කතා කර සිය ලොරියේ යතුර ඔහු අතට දී කෑම කා පැමිණෙන බව පවසා ගොස් ඇති බවත් හදිසියේ ම ක්ලාන්ත වී රෝහල් ගත කර ඇති බවත් පොලිසිය පවසයි. ඔහු රෝහල්ගත කරන විට මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related articles

error: Content is protected !!