25.4 C
Galle

නව කොරෝනා ප්‍රභේදය රට පුරා පැතිරෙයි. මරණ සංඛ්‍යාවත් ඉහළ යයි ?

Published:

අලුතෙන් හඳුනාගත් කොරෝනා ඔමික්‍රෝන්න BA5 නමැති නව ප්‍රභේදය ශ්‍රී ලංකාව පුරා වේගයෙන් පැතිර යමින් තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ ජෛව සෛල විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

මේ ප්‍රභේදය දැනටමත් රට පුරා පැතිර ගොස් ඇති බවත් කොවිඩ් මර්ධන සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් තවදුරටත් වයිරසය පැතිරයාමේ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලෝකය පුරා ඉහළ ව්‍යාප්තියක් පෙන්වන මෙම නව ප්‍රභේදය මෙතෙක් ලෝකයෙන් වාර්තා වූ සියලුම ආකාරයේ කොරෝනා ප්‍රභේදයන්ට වඩා පැතිරීමේ සීඝ්‍රතාවක් පෙන්වන බවත් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යනවිට කොරෝනා මරණ සංඛයාව ද ඉහළ යාමේ අවදානමක් මේ නිසා අතිවන බවත් ආචාර්ය ජීවන්දර පෙන්වා දෙයි.

පසුගිය ජූලි මාසයේ දධී පමණක් කොරෝනා ආසාදිතයන් 1361ක් වාර්තා වී ඇති අතර කොරෝනා මරණ 35ක් ද වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ සංඛ්‍යාලේඛන අනුව පැහැදිළි වෙයි.

Related articles

error: Content is protected !!