25.4 C
Galle

ධානිෂ් අලි රිමාන්ඩ්

Published:

ජාතික රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශනවලට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ධානිෂ් අලී ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අද (01)  නියෝග කළේය.

එදිනට සැකකරු සම්බන්ධයෙන් ඇප ලබාදීම පිළිබඳ සළකා බලන බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

නඩුව අද (01) කැඳවන අවස්ථාව වනවිට ධානිෂ් අලි අධිකරණයට රැගෙන විත් නොසිටි බැවින් හෙට (02) ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

පසුව ඔහු අධිකරණයට ගෙනවිත් සිටි බැවින් නඩුව නැවත සළකා බැලීය. එහි දී පොලිසිය සහ විත්තිකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

Related articles

error: Content is protected !!