26.8 C
Galle

මුහුදෙන් ප්‍රංශයට පනින්න හැදූ පිරිසක් කොටු වෙති

Published:

බෝට්ටුවකින් ප්‍රංශයට යාමට සූදානමින් වෙන්නප්පුව ප්‍රදේශයෙ රැඳී සිටි 47 දෙනකු නාවික හමුදාව විසින් අල්ලා පොලිසියට බාර දී තිබේ.

අද (01) අලුයම සිදුකරන ලද වැටලීමකින් මොවුන් අල්ලාගෙන ඇති අතර එම පිරිස අතර කාන්තාවන් 06 දෙනකු ස කුඩා දරුවන් 03 දෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් අය අතර මඩකලපුව, ත්‍රිකුණාමල, වව්නියාව, මාරවිල සහ හලාවත ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින බව පොලිසිය පවසයි.

ඔවුන් වෙන්නප්පුවට පැමිණි වාහන තුනක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනිස් ජාවාරම මෙහෙය වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!