26.8 C
Galle

පස් කඳු, හැටන් කොළඹ පාර වසා දමයි

Published:

පස් කඳු කඩා වැටීම හේතුවෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය දියගල ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දියගල ස්ථාන දෙකකින් මෙලෙස පස්කඳු කඩා වැටි ඇති අතර එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ප්‍රපාතයට ඇද වැටී තුවාල ලබා ඇත.

තවත් ස්ථානයකින් පස් කන්දක් කඩා වැටීමේ දී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක සිටි දෙදෙනකු ද තුවාල ලබා ඇත. එම තිදෙනාම ගිනිගත්හේන රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!