26.8 C
Galle

නාවලපිටියේ සිව් දෙනකු දියේ සැඟවෙයි

Published:

නාවලපිටිය ප්‍රදේශයේ දී කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

කාන්තාව ඇතුළු තිදෙනකු අතුරුදන්ව ඇත්තේ අක්කරවත්ත, කැටකිඹුලාව ඔය හරහා ගමන්කරමින් සිටිය දී සැඩ පහරට හසුව ගසාගෙන යාමෙනි. ඔවුන් තිදෙනා වයස අවුරුදු 36,46 සහ 57 වයස්වල පසුවන්නන් ය.

නාවලිපිටිය, හැටන් අතර මොන්‍ටෆෙයාර් කොටස ප්‍රදේශයේ එකට ගමන් ගනිමින් සිටි තිදෙනකු අතරින් එක් අයකු ලිස්සා ගොස් පැන්මූර් වැවට වැටී අතුරුදන්ව ඇත. එලෙස අතුරුදන්ව ඇත්තේ හැටන් පදිංචි 24 හැවිරිදි අයෙකි.

ඔහු සමඟ ගමන් කරමින් සිටි අනෙක් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!