25.4 C
Galle

පෙම්වතා සමඟ දිය ඇල්ල නැරඹූ පාසල් සිසුවිය අතුරුදන්

Published:

තම පෙම්වතා සමඟ නාවලපිටිය, ගලබොඩ දිය ඇල්ල නරඹමින් සිටි පාසල් සිසුවියක් එම ඇල්ලට ඇද වැටී අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි.

ඇය යාලේගම, සඟබෝගම පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියකි.

ඇය සමඟ සිටි තරුණයා පොලිසියට පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා දිය ඇල්ල නරඹමින් සිටිය දී ඇල්ලේ ජලය එකවරම වැඩි වී තම පෙම්වතිය ඊට ඇද වැටුණු බවයි.

අතුරුදන් වූ තරුණිය සොයා, පොලිසිය සහ නාවික හමුදාව ප්‍රදේශවාසීන් සමඟ මෙහෙයුම් දියත්කර ඇත.

නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related articles

error: Content is protected !!