26.8 C
Galle

නීතිපතිගේ උපදෙසට පොලිසිය පිටුපෑම ගැන සොයන්න යැයි අධිකරණයෙන් නීතිපතිට නියෝග

Published:

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පසුගිය මැයි 09 වැනි දා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ දී ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිපතිවරයා අවස්ථා තුනක දී උපදෙස් ලබා දී තිබිය දී එම උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබාදෙන්න යැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (03) නීතිපතිවරයාට නියෝග කළේය.

නීතිපතිවරයා දුන් නියෝග පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වහාම මැදිහත්ව කටයුතු කරන්න යැයි ද මෙහි දී මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝග කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක සහ මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට එලෙස නියෝග නිකුත් විනි.

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ පරික්ෂණය අධිකරණය හමුවේ අද (03) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිත ය.

Related articles

spot_img
error: Content is protected !!