26.8 C
Galle

ගාලු මුවදොර අරගලයට, පොලිසියෙන් කළ විශේෂ දැනුම් දීම

Published:

ගාලු මුවදොර පිටිය සහ ඒ ආසන්නයේ අනවසරයෙන් සාදා ඇති සියලු තාවකාලික කූඩාරම් සහ බෝග වගාවන් වහාම එම ස්ථානයෙන් ඉවත්කරගන්නා ලෙස පොලිසිය අද (03) අරගලකරුවන් වෙත දැනුම් දුන්නේය.

කොටු පොලිසිය පවසා ඇත්තේ ලබන සිකුරාදා (05) දින සවස 5.00ට පෙර ඒ සියල්ල ඉවත්කරගත යුතු බවයි.

මෙම නියෝගය නොතකා කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බව ද කොටුව පොලිසිය දැනුම් දී තිබේ. ‍පොලිසිය පවසන්නේ මහජනතාවට අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවත්වන ලෙසයි.

Related articles

spot_img
error: Content is protected !!