26.8 C
Galle

රවි කරුණානායක හෙලිකොප්ටර් සවාරියක

Published:

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක හෙලිකොප්ටර් යානයකින් මන්නාරමට යාමේ සිදුවීමක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

ඊයේ (02) හදිසියේ ම ඔහු පුද්ගලික හෙලිකොප්ටර් යානයකින් මන්නාරමට පැමිණ තිබිණි. එම යානය ගොඩබැස්වූ ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් ඔහුගෙන් එහි පැමිණි කාරණය විමසා සිටිය ද ඔහු ඊට පිළිතුරු දෙන්නේ නැත.

හෙලිකොප්ටරය ගොඩ බැස්ස වූ ස්ථානයේ සිට ඔහු මෝටර් රථයකින් පිටව යයි. මාධ්‍යවේදීන් පවසන්නේ රවී කරුණානායක පිලිගැනීම සඳහා පැමිණ සිටියේ මුහුදු ආහාර නිෂ්පාදන සමාගමක නියෝජිතයන් පිරිසක් බවයි.

රටේ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක දී මෙරට හිටපු මුදල් අමාත්‍යවරයකු මෙලෙස හෙලිකොප්ටර් ගමන්වල නිරතවීම දැඩි කතාබහට ලක්ව තිබේ.

Related articles

spot_img
error: Content is protected !!