26.8 C
Galle

ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට

Published:

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය මැයි 28 වැනි දා ලංකා බැංකු මාවතේ  පැවැත්වූ විරෝධතාවයක දී අධිිකරණ නියෝග නොතකා ඒවා උල්ලංඝනය කරමින් කටයුතු කළේ යැයි කියන චෝදනාවට ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී 2021 ජූලි මස 08 වැනිදා ජෝසප් ස්ටාර්ලින් පොලිස් අත්අඩංගුවට පත්වූයේය. ඒ අවස්ථාවේ දී පාර්ලිමේන්තුවේ කතා කරමින් සිටි එවකට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මෙසේ කීවේය.

“ජෝසප් ස්ටාර්ලින් කියන්නේ ජාත්‍යන්තරය දන්නා වෘත්තීය සමිති නායකයෙක්. ඔහු අත්අඩංගුවට ගැනීම නිසා අපිට GSP සහන පවා නැති වෙන්න පුළුවන්”

මේ වනවිට ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා එදා එසේ කී රනිල් වික්‍රමසිංහය. ඔහු මෙරට සේනාධිනායකයා ද වෙයි. අද (03) ජෝසප් ස්ටාර්ලින් ඔහුගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවේ පොලිසිය විසින් ජෝසප් ස්ටාර්ලින් අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!