26.8 C
Galle

කොටස් වෙළෙඳ පොළ ඉහළට

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (04) දිනයේ ගනුදෙනු 32,658 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,799 ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 149කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 7,736ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 955
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 523
  • මේල්සටා කොප් සමාගම රුපියල් මිලියන 352

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ෆිනෑන්ස් කොටස් මිලියන 36
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 24
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
  • බේරුවල රිසෝට් හෝටල් සමාගම 18%
  • හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 17%

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩ්න්ස් සමාගම කොටස් මිලියන 01ක් රුපියල් 120.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 6.4ක් රුපියල් 41.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 409
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 226
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 179

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 262ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 468 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 206ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් අද ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ‍හේලීස් සමාගම රුපියල් මිලියන 08
  • මස්කෙළිය වැවිලි සමාගම රුපියල් මිලියන 02
  • බේරුවල රිසෝට් සමාගම රුපියල් මිලියන 02
  • බොගවන්තලාව වැවිලි සමාගම රුපියල් මිලියන 02

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 151
  • එක්ස්පෝ ලංකා  සමාගම රුපියල් මිලියන 53
  • සිස්ටෙක් සමාගම රුපියල් මිලියන 06
  • කෙවරෝන් ලුබ්රිකන්ට් සමාම රුපියල් මිලියන 06

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!