අද (05) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ ඇක්සස් ඉංජිනියරින් සමාගමෙහි කොටස් මිලියන 18.2ක් හුවමාරු වෙමින් දිනයේ වැඩිම පිරිවැටුම ලෙස රුපියල් මිලියන 1448ක් වාර්තා කරන ලදී.
අද කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු 16,123ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3160ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 168ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 20,644ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඇක්සස් ඉංජිනියරින් සමාගම මිලියන 1448
- ලංකා අයි ඕ සී සමාගම මිලියන 373
- ජෝන් කීල්ස් සමාගම මිලියන 157
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ඇක්සස් ඉංජිනියරින් සමාගම කොටස් මිලියන 18
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 08
- එස් එම් බී ලීසින් එක්ස් සමාගම කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 19%
- සිට්‍රස් වස්කඩුව සමාගම 06%
- ටෙස් ඇග්‍රො සමාගම 05%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 414
- ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 334
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 330
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 32 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 145ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 113ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන ඇත.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිලදී ගත් සමාගම්
- විදු ලංකා රුපියල් මිලියන 04
- එල්බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- එන් ඩී බී බැංකුව රුපියල් මිලියන 59
- ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 31
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 09
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ



