26.8 C
Galle

දානයේ පිරිකරට පෙට්‍රල් පිරවූ බුලියක්

Published:

පිටිගල අතුකෝරළ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩී.ඩබ්ලිව්.අතුකෝරළගේ ගුණ සමරු දානමය පිංකමේ දී ඊට වැඩම කළ භික්ෂූන්ට පෙට්‍රල් පූජාවක් සිදුකෙරිණි.

පෙට්‍රල් ලීටර 10 බැගින් අඩංගු බුලියක් බැගින් දානයට පැමිණි භික්ෂූන්ට පිරිකර ලෙස පූජා කිරීමට පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ වත්මන් සභාපති අනුර තිලක් අතුකෝරළ කටයුතු කළේය.

දානයට මෙවැනි පිරිකරක් කිසිදිනක ලැබී නැතැයි ද මෙය මිල කළ නොහැකි පිංකමක් යැයි ද සංඝරත්නය කීහ.

ඉන්ධන නිකුත් කිරීම QR කේතයක් අනුව සිදුකරමින් සිටිය දී සහ ඉන්ධන ගබඩා කිරීම නීති විරෝධීයැයි වැටලීම් සිදුකරද්දී මෙලෙස බෞද්ධ හිමිවරුන් සඳහා බුලිවල පුරවා ඉන්ධන දන් දීම නීත්‍යානුකූළ කාර්යයක් ද යන්න විමසා බැලිය යුතුය.

Related articles

spot_img
error: Content is protected !!