26.8 C
Galle

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල පහළට

Published:

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තරමක් පහළ ගොස් ඇතැයි පිටකොටුව වෙළෙඳ සංගමය පවසයි.

එහි විධායක කමිටු සාමාජික දේව පුරන් පවසන්නේ පරිප්පු, සීනි, අල, ලූනු, මිරිස් ආදී ද්‍රව්‍යවල මිල මෙලෙස අඩු වී ඇත්තේ ඩොලරය තරමක් පහත බැසීම සහ මහ බැංකුව ඩොලර් නිකුත් කිරීම හේතුවේ බවයි.

පිටකොටුව වෙළෙඳ සංගමය පවසන පරිදි රුපියල් 600.00ක් ලෙස පැවැති පරිප්පු කිලෝ ග්‍රෑම් එකක තොග මිල රුපියල් 410.00ක් වී ඇත. රුපියල් 330.00ක් ලෙස පැවති සීනි ක‍ිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 270.00ක් දක්වා පහළ ගොස් ඇත. අර්තාපල් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 215.00ක් ලෙස පැවති අතර එය මේ වනවිට රුපියල් 150.00ක් දක්වා අඩු වී තිබෙන බව ද රට ලූනු කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 180.00 සිට 130.00 දක්වා අඩු වී ඇතැයි ද හෙතෙම පවසයි.

මීට අමතරව රුපියල් 1900.00ක් ලෙස පැවති වියලි මිරිස් කිලෝ ග්‍රෑමයක තොග මිල රුපියල් 1300.00ක් දක්වා අඩු වී තිබේ.

Related articles

error: Content is protected !!