26.8 C
Galle

හිරුණිකාට චෝදනා කරන හැටි අධිකරණය පොලිසියට උගන්වයි

Published:

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පුද්ගලයන් 10 දෙනකු සැකකරුවන් ලෙස නම්කරන්න යැයි පොලිසියෙන් කළ ඉල්ලීමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ප්‍රතික්ෂේප කළේය.

පසුගිය ජූලි 06 වැනි දා හිරුණිකා ප්‍රේමචන්ද කොළඹ ජනාධිපති මන්දිරය අසළට පැමිණ කළහකාරී ‍ආකාරයෙන් හැසිරුණු බවත් ඒ නිසා ඇය ඇතුළු 10 දෙනකු සැකකරුවන් ලෙස නම්කරන ලෙසත් පොලිසිය ඉල්ලා තිබිණි.

එම සිද්ධියට අදාලව පොලිසිය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදාහැර තිබිණි.

එම සිද්ධියට අදාල පැමිණිල්ල අද (05) කොළඹ කොටුවව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවූ අවස්ථාවේ දී පොලිසිය මෙම ඉල්ලීම කළේය.

පොලිසිය කරන මෙම ඉල්ලීම නීතියට පටහැනියැයි හිරුණිකා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ කීහ

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මෙම සිද්ධියට අදාළව විධිමත් විමර්ශනයක් සිදුකර ලේඛන සහිතව ඉල්ලීම් කරන ලෙසයි.

Related articles

error: Content is protected !!