26.8 C
Galle

ගෝඨාභය ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමටත් සූදානමක් ?

Published:

ජනතා අරගලයකින් බලයෙන් පහකිරීමෙන් පසු සිංගප්පූරුවට ගොස් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ නැවත ලබන බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට දේශපාලන ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

සිංගප්පූරුවේ රැඳී සිටීම සඳහා ඔහුට ලැබී ඇති වීසා අවසන්වීමෙන් පසු මෙලෙස නැවත ශ්‍ර්‍රී ලංකාවට පැමිමණෙනු ඇත.

හිටපු ජනාධිපතිවරකුට හිමි සියලු වරප්‍රසාද නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ගෝඨාභය රාජපක්ෂට හිමිවීමට නියමිතය. ඒ අනුව කොළඹින් නිල නිවසක්, කාර්ය මණ්ඩලයක්, ප්‍රමාණවත් ආරක්ෂාවක් ඔහුට හිමිවීමට නියමිතය.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට පත්කිරීමට ද ‍ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ කතා බහක් ඇති වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!