26.8 C
Galle

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඉල්ලූ ජවිපෙ දැන් බෑ කියයි

Published:

ජනතා විමුක්ති පෙරමුණ සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළ ද දැන් ගොඩනැගීමට උත්සාහ ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිනොගන්නා බව අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ තම පක්ෂය යෝජනා කළේ කථානායකවරයා ජනාධිපති විය යුතු බවයි. සර්ව පාක්ෂිික ආණ්ඩුවකට එකතුවන පක්ෂවල කැමැත්තෙන් අග්‍රාමාත්‍යවරයා තෝරාගත යුතු බව යැයි ද ඔහු පපවසයි.

අමාත්‍ය මණ්ඩලය 10 දෙනකුට සීමා විය යුතු බවත්, ඉල්ලා අස්කරගත් නඩු සියල්ල නැවවත විභාග කිරීමට ද තම පක්ෂය ඉල්ලා සිටි බවත් අනුර කුමාර දිසානායක කියා සිටියේය.

“ජනාධිපතිවරයා විසින් රටේ අර්බුද විසඳීම සඳහා පිළිගත හැකි සාධනීය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නම් එහි අඩංගු හිතකර කාර්යයන් වෙනුවෙන් අපි සහයෝගය දෙනවා.” යැයි ද ඔහු පවසයි

Related articles

spot_img
error: Content is protected !!