26.8 C
Galle

නායයාමේ අවදානමක් නිසා ප්‍රධාන මාර්ගයක් වසා දමයි

Published:

නල්ලතන්නිය – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිණී ඇල්ල ආසන්නයේ නාය යාමේ අවදානමක් ඇති බැවින් එම මාර්ගය අද (07) සවස සම්පූර්ණයෙන් ම වසා දැමීමට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුුතු කර තිබේ.

මෝහිණී ඇල්ලට පහළින් පිහිටි තේ වතුයායට අයත් කන්දක කොටසක් මීටර 100ක් තරම් දුරට පුපුරා ගොස් ඇත. පසුගිය දිනවල ඇති වූ අධික වැසි සමඟ අවස්ථා කිහිපයක් ම පස් කඳු කොටස් කඩා වැටීම් මේ ස්ථානයෙන් වාර්තා විය.

නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගය පුළුල් කිරීමේ දී මෙම අවදාන්ම සහිත කන්දෙන් කොටසක් කපා ඉවත්කිරීමට ද මාර්ග සංවර්ධන අධිකාරීය කටයුතු කර තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!