27.8 C
Galle

මර උගුලෙන් බේරීමට ගසට නැග්ග කොටියා මියයයි

Published:

මද්දකට හසු වි එය කඩාගෙන ගොස් ගසක් මත හිර වී සිටි කොටියකු මියගොස් ඇතැයි වනජීවී නිලධාරීන් පවසයි.

හැටන් වනරාජ වතුයායේ සමර්හිල් කොටසේ ගසකට මේ කොටියා කැඩී ගිය මද්ද සහිතව නැග තිබූ අතර මද්ද ගසේ හිරවීමෙන් කොටියා උදරයේ හිර වූ මද්ද සහිතව ගසේ එල්ලී සිටියදී මිනිසුන් දැක තිබිණි. ඒ බව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක ඇතුළු පිපරිසක් එහි පැමිණ නිර්වින්දනය කර කොටියා පහතට ගැනීමට උත්සාහ ගත්ත ද කොටියා මියගොස් තිබිණි.

වනජීවී නිලධාරීන් පවසන්නේ මද්ද සකසා තිබූ කම්බියට කොටියාගේ උදරය කැපී විශාල තුවාලයක් සෑදී තිබූ බවයි. මේ තුවාලය හේතුවෙන් කොටියා මියයන්නට ඇති බව ඔවුහු කියති. ගස කපා කොටියා බිමට ගැනීමට ගත් උත්සාහය ද ව්‍යර්ථ වී තිබිණි.

මේ කොටියාගේ මරණය සම්බන්ධයෙන් හෙට (08) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය ‍කාර්යාලය වෙත රැගෙන යන බව ද නල්ලතන්නිය වනජීවී කාර්යාලය පවසයි.

Related articles

error: Content is protected !!