27.2 C
Galle

පාර්ලිමේන්තුවේ දී හෙට සිදුවන දේ ගැන රටම අවදානයෙන්

Published:

2022 වර්ෂය සඳහා වූ සංශෝධිත අයවැය හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පවසයි.

හෙට සවස 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංංහ විසින් ඉදිරිපත් කරන ලද ආණ්ඩුවේ ප්‍රතිප්තති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට ආරම්භ වෙයි.

එය ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා විවාදයට ගැනිමට නියමිතය. මේ අතර 22 වැනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ද හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු වාර අවසාන කිරීම හේතුවෙන් තේරීම් කාරක සභා අහෝසි වී ඇති බැවින් හෙට ඒ සඳහා පත්කිරීම් ද සිදුකිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!