27.8 C
Galle

QR ක්‍රමයෙන් බැහැර තෙල් බෙදූ ෂෙඩ්වලට වැඩ වරදී

Published:

ඉන්ධන බෙදාහැරීමේ QR ක්‍රමයට පරිබාහිරව ඉන්ධන ලබාදුන් පිරවුම්හල් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවවාදාත්මක ලිපි නිකුත් කර තිබේ.

QR ක්‍රමය හේතුවෙන් ඒ ඒ ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අදාල ජංගම දුරකථන යෙදවුම (APP) මගින් නිවැරදිව නිරීක්ෂණය කිරීමට සංස්ථාවට හැකියාව ඇත. ඒ අනුව ඉන්ධන හළකින් කොපමණ වාහන සංඛ්‍යාවකට කොපමණ ප්‍රමාණයක් ඉන්ධන ලබාදුන්නේ ද යන්න දැනගත හැකිය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ෂාතවේ නිරීක්ෂණ අනුව මේ වනවිට ඇතැම් ඉන්ධන පිරවුම්හල් QR කේතයෙන් පරිබාහිරව ඉන්ධන නිකුත් කර ඇත. එලෙස QR ක්‍රමයෙන් බැහැර ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ලිඛිතව කරුණු පැහැදිලි කරන්න යැයි එවැනි ඉන්ධන හල් වෙත දැනුම් දී තිබේ.

ඇරැව්වල පිහිටි ලංකා පිරවුම් පොළ වෙත නිකුත් කළ එවැනි ලිපියක් ද අප වෙත ලැබී ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරුගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ දක්වා ඇත්තේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීට 6,600ක් එම ඉන්ධන පිරවුම්හළට ලබාදුන් පසු QR ක්‍රමයට නිකුත් කර ඇත්තේ පෙට්‍රල් ලීටර 3,100ක් පමණක් බවයි. නිකුත් කළ ආකාරය හඳුනාගත නොහැකි ලීටර ප්‍රමාණය 3,500කි. එබැවින් මේ පිළිබඳ පැහැදිළි කිරීමක් කරන ලෙස දැනුම් දී ඇත.

Related articles

error: Content is protected !!