27.8 C
Galle

ගාලු මුවදොරින් ඉවත් වන බව, අරගලකරුවෝ අධිකරණයට කියති

Published:

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වන්න යැයි පොලිසිය කරන ලද දැනුම් දීම බල රහිත කරන ලෙස ඉල්ලා අරගලකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 04ක් අද ඔවුන් විසින් ඉල්ලා අස්කරගන්නා ලදී.

මෙම පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ‍සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (10) කැඳවනු ලැබීය.

එහි දී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස්, එම්.ඒ.සුමන්දිරන් ඇතුළු නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයන් ගාලු මුවදොර අසළින් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

එබැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නැතයි ද ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට අගතියක් නොවන පරිදි ඉවත් වීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Related articles

spot_img
error: Content is protected !!