27.8 C
Galle

චීනයෙන් තවත් ලෙඩක්

Published:

ලොව ඉතාමත් වේගයෙන් ව්‍යාප්තවනු ඇතැයි විශ්වාස කළ හැකි තවත් මාරාන්තික වයිරසයක් චීනයෙන් හමු වී තිබේ.

Langya නමින් හඳුන්වන මෙම වයිරසය ආසාදිත පුද්ගලයන් 35 දෙනකු මේ වනවිට සොයාගෙන ඇත.

මෙම වයිරසය සඳහා මෙතෙක් කිසිදු එන්නතක් හෝ ඖෂධයක් නැත. එය මිනිසුන්ට මෙන් ම අනිකුත් ක්ෂීරපායී සතුන්ට ද වැළඳෙන බව තහවරු වී තිබේ.

මෙම වයිරසය ආසාදනය වුවහොත් අක්මාව සහ වකුගඩු අඩපණ වීමට ඉඩ ඇති බවට පර්යේෂකයෝ අනතුරු අඟවා ඇත.

චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් මෙම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සොයාගෙන ඇති අතර එහි රෝග ලක්ෂණ අතර තද උණ, කැස්ස, ආහාර අප්‍රිය වී, මස්පිඩු වේදනා, කැරකිල්ල, වමනය දැකිය හැකි බව වෛද්‍යවරු කියති.

https://indianexpress.com/article/explained/explained-health/what-is-langya-virus-discovered-in-china-8081659/

Related articles

spot_img
error: Content is protected !!