27.4 C
Galle

ලොව කොටස් වෙළෙඳ පොළ රැසක් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළත් ඉහළට

Published:

ඊයේ දිනයේ ඇමෙරිකානු වාණිජ වෙළෙඳ පොළ තුළ පවතින උද්දමනය 8.5%ක් ලෙස ස්ථාවරව පැවතීමත්, ලෝකය පුරා කොටස් වෙළෙඳ පොළවල්වල කොටස් මිල දර්ශකයන් ඉහළ යාමත් දක්නට ලැබිණි. ඒ අනුව ලෝකයේ කොටස් වෙළෙඳ පොළවල් අතරින් බොව්ස්පා කොටස් වෙළෙඳ පොළ සමස්ත මිල දර්ශකය ඒකක 1,585කින් ද බීඑස්ඊ සෙන්සෙක් කොටස් වෙළෙඳ පොළ ඒකක 598කින් ද නිව්යෝර්ක් ඩෝ ජෝන්ස් කොටස් වෙළෙඳ පොළෙහි සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 535කින් ද ඉහළ ගොස් ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (10) දිනයේ ගනුදෙනු 33,212 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,506ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 206කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,706ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 1,346
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 614
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 253

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • කොටගල වැවිලි සමාගම කොටස් මිලියන 08
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම (X) 50%
  • මයිලෑන්ඩ් සමාගම 21%
  • ඩිප් ප්‍රඩක්ට් සමාගම 19%

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • ලංකා දුම්කොළ සමාගම කොටස් 48,380ක්  රුපියල් 583.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 478,000ක් රුපියල් 47.50 බැගින්
  • ජෝන් කිල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 200,000 රුපියල් 119.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 427
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 277
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 168

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 112ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 381 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 269ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එලිෆන්ට් හවුස් සමාගම රුපියල් මිලියන 12.7
  • ජෝන් කීල්ස් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 12
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 06

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප්  සමාගම රුපියල් මිලියන 156
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 76
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 37

2022 වර්ෂයේ ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු 10 වැනි දා දක්වා විදේශීය ආයෝජකයන් ශුද්ධ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළෙන් රුපියල් මිලියන 1,115ක මුදලක් ඉවත් කරගෙන ඇත.

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!