27.4 C
Galle

පාසල් සිසුවකු රිය අනතුරකින් මියයයි

Published:

පානදුර, මාලමුල්ල, පොකුණ හන්දියේ දී මෝටර් රථයකට යටවීමෙන් 14 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මිය‍ගොස් ඇත්තේ, පානදුර පින්වල පදිංචිව සිටි සදෙව් ද සිල්වා නමැති දරුවෙකි.

පානදුර රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඔහු උපකාරක පන්තියකට සහභාගී වි ආපපසු සිය නිවෙස බලා එමින් සිටිය දී මාර්ගය අයිනේ පාපැදිය නවත්වාගෙන සිට ඇත.

එම අවස්ථාවේ දී කාරයක් ඔහු යටකරගෙන ‍ධාවනය වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති. එම කාරයක කාන්තාවක් විසින් පදවා ඇති අතර ඇය රියදුරු බලපත්‍රය ලබාගැනීමේ ලිඛිත පරීක්ෂණයෙන් සමත්ව ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුහුණු වෙමින් සිටි කාන්තාවක බව ද හෙළි වී තිබේ.

දරුවා රථයේ හැපුණු පසුව ද දරුවාත් සමඟම රථය ඉදිරියට ධාවන වී කොන්ක්‍රීට් කණුවක හැපී නතරව ඇත.

තුවාල ලැබූ දරුවා රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.

Related articles

error: Content is protected !!