27.8 C
Galle

සජිත් එපා කිව්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දෙන පිරිසක් ?

Published:

සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස ආණ්ඩුවට එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන්නේ නම් පක්ෂයේ තීරණය කුමක් වුව ද තමන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කියති.

ඔවුන් පවසන්නේ සජිත් ප්‍රේමදාස මේ අවස්ථාවේ රට ගොඩනැගීම සඳහා එන සාමූහික තීරණවලට සහය නොදෙන්නේ නම් තමන් තනිව හෝ ඊට සහය දෙන බවයි.

පොදු එකඟතාවකින් යුතු සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ඇත්තේ බෙදුණු ප්‍රතිපත්තියකි. එහි නායක සජිත් ප්‍රේමදාස ද විටින් විට සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දෙන බව පවසන අතර තවත් අවස්ථාවක දී එවැන්නකට තම සහය නොදෙන බව පවසයි.

මෙවැනි තත්වයක් තුළ තමන්ට ස්වාධීන තීරණයක් ගැනීමට සිදුව ඇතැයි මන්ත්‍රීවරු පිරිසක් කියති.

Related articles

spot_img
error: Content is protected !!