27.4 C
Galle

පැහැරගත් දැරියක්, මහ වනයේ කළ STF මෙහෙයුමකින් මුදා ගනී

Published:

පැහැරගෙන ගොස් සිටි දැරියක් රක්ෂිතයක් තුළ රඳවාගෙන සිටිය දී මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ලුණුගල පදිංචි 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. ඇය පසුගිය 03 වැනිදා පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ලුණුගල පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකායට ඒ බව දැනුම් දී විශේෂ මෙහෙයුමක් සිදුකර තිබිණි. ලුණුගල සහ පස්සර විශේෂ කාර්ය බලකා කඳවුරුවල නිලධාරීන් සිදුකරන ලද මෙහෙයුමක දී දැරිය බේරාගැනීමට සමත්ව තිබේ.

එම දැරිය පැහැරගෙන ගොස් වනාන්තරයේ රඳවාගෙන සිටි 18 හැවිරිදි තරුණයකු 53 හැවිරිදි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

පැහැරගෙන ගිය දැරිය වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා ලුණුගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ලුණුගල පොලිසිය පවසයි.

Related articles

error: Content is protected !!