27.4 C
Galle

වෛද්‍යවරුන්ගේ වරදින් දරුවා මියගියා යැයි යුවළක් පොලිසියේ පිහිට පතති

Published:

වෛද්‍යවරුන්ගේ නොසැළකිල්ල හේතුවෙන් තම බිළිඳු දරුවා මියගියා යැයි මව් පිය යුවළක් තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපපත් කර ඇත්තේ තිස්සමහාරාම, බෙරළිහෙල, කඩුගම්මාන 04 පදිංචි එල්.වයි.චාමර සහ ඔහුගේ බිරිඳ දිල්රුක්ෂි හේමමාලී දෙදෙනා විසිනි.

ඔවුන් දෙදෙනාගේ දින 15ක් වයසැති බිළිඳු පුතුගේ මරණය සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

පැමිණිල්ල කර ඇති චාමර පවසන්නේ තම පුතා ඉතාමත් නිරෝගීව සිටි බවයි. මේ අතර අතක කුඩා බිබිළි කිිහිපයක් දක්නට ලැබීම හේතුවෙන් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකට දරුවා ගෙන ගිය බවත් එහි සිටි වෛද්‍යවරයා දරුවා රෝහලකට රැගන යන ලෙස උපදෙස් දුන් බවත් ඔහු පවසයි. ඒ උපදෙස් අනුව පසුගිය 07 වැනි දා දෙබරවැව රෝහලට දරුවා ඇතුළත් කර ඇත.

දරුවාගේ ලේ සාම්පලයක් ගත් වෛද්‍යවරු එය පිටත රසායානාගරයකින් පරීක්ෂා කරගෙන එන ලෙස පවසා තිබේ. ඒ අනුව පියා රෝහලින් බැහරව ගිය අතර හෙදියක් පැමිණ දරුවාගේ අතට එන්නත් තුනක් විද්ද බව බිරිඳ පවසයි. එම එන්නත් ලබාදුන් මොහ‍ොතේ ම දරුවාගේ සිරුර නිල් පැහැයට හැරුණු බවත්, දරුවාට අසාධ්‍ය වූ බවත් ඇය පොලිසියට පවසා තිබේ.

මේ අවස්ථාවේ දී එන්නත් තුන කුමක් ද යනුවෙන් විමසූ විට හෙදිය මවට පවසා ඇත්තේ බෙහෙත් වර්ග දෙකක් සහ වතුර එන්නත් ලෙස ලබාදුන් බවයි. දරුවාගේ සිරුරම නිල් පැහැ ගැන්වී ඇස් උඩයාමත් සමඟම එතැනට පැමිණි වෛද්‍යවරයකු මවගෙන් අසා ඇත්තේ කිරි දුන්නාද යනුවෙන්. නමුත් ඒ අවස්ථාවේ කිරි නොදුන් බව ද ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුව වෛද්‍යවරු දරුවා වෙනත් ඇඳකට ගෙන කෘතිම ශ්වසය ද ලබා දුන් බව ඇය පවසයි. ඉන් පසු ගිලන්රථයකින් හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇත. පස්සේ හම්බන්තොට රෝහලේ දී ප්‍රතිකාර ලබාදුන්න ද දරුවා සුව නොවූ බව ඇය පවසයි. ඉන්පසු හම්බන්ත‍ොට රෝහලේ සිට දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට යවා තිබේ. නමුත් දරුවා මිය ගියේය.

දෙමාපියන් පවසන්නේ දෙබරවැව රෝහලේ වෛද්‍යවරුන්ගේ වරදින් තම බිළඳු පුතා මියගිය බවයි. මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලමින් මවත් පියාත් පොලිසියට පැමිණිලි කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

Related articles

error: Content is protected !!