27.4 C
Galle

ගාලු මුවදොර පාළුවට යයි

Published:

ගාලු මුවදොර පිටිය හා ඒ අවට රැඳී සිටි අරගලකරුවන් සියලු දෙනා අද (12) දහවල් එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබිණි. දින 125ක කාලයක් එම ස්ථානයේ පැවැති අරගලය සියලු කූඩාරම් ඉවත්කරගෙන යාමෙන් එසේ අවසන් විය.

නමුත් අරගලකරුවන් පවසන්නේ තමන් ගාලු මුවදොර පිටියෙන් ඉවත්ව ගිය ද අරගලය අවසන්ව නැති බවයි.

අද (12) දක්වාම අරගලකරුවන් කිහිප දෙනකු එම ස්ථානයේ රැඳී සිටි බැවින් එහි පැමිණි පොලිසිය විනාඩි 15ක් ඇතුළත ඔවුන්ට එතැනින් ඉවත්වන්න යැයි උපදෙස් දුන්නේය. ඒ අනුව ඔවුහු තම කූඩාරම් ගැලවූහ. අරගල භූමියේ ඉදිකර තිබූ අට්ටාලය ඉවත්කිරීම සඳහා නගර සභා සේවකයන් ද සහාය ලබා දී තිබිණි.

Related articles

error: Content is protected !!