27.4 C
Galle

අධික පිරිවැටුමක් සහිතව කොටස් මිල දර්ශකය 9,000 ඉක්මවයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 48,184 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,339ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 321කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,027ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,433
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 760
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 517

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 41
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
  • ඒෂියා සියාකා සමාගම කොටස් මිලියන 15

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බලංගොඩ වැවිලි සමාගම 42%
  • හපුගස්තැන්න වැවිලි සමාගම 35%
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%

සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 5.23 රුපියල් 54.00 බැගින්
  • ජෝන් කිල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 500,000 රුපියල් 128.00 බැගින්
  • කහවත්ත වැවිලි සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 27.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 444
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 295
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 175

විදේශ ආයෝජකයන්  අද දිනයේ රුපියල් මිලියන 414ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 570 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 156ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 66
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 23
  • එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 08

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • මෙල්ස්ටා කොප්  සමාගම රුපියල් මිලියන 178
  • ඒසියා සියාකා සමාගම රුපියල් මිලියන 36
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 719

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

error: Content is protected !!