27.4 C
Galle

ගෝඨාභය හෝටල් කාමරයක හිර වෙයි. පිටතට යාම තහනම්

Published:

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන් රැඳී සිටින හෝටල් කාමරයෙන් පිටතට නොයන්න යැයි තායිලන්ත ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.

ඔහුගේ ආරක්ෂාව ගැටලුවක් විය හැකි බැවින් මෙලෙස දැනුම් දී ඇත.

සිංගප්පූරුවේ සිටි ගෝඨාභය රාජපක්ෂ තම බිරිඳ සහ තවත් පුද්ගලයන් දෙදෙනකු සමඟ  ඊයේ (12) තායිලන්තයට පැමිණියේය.

ඔහු පැමිණි ගුවන් යානය තායින්ත‍යේ ෆුකෙට් ගුවන්තොටුපොළට ගොඩබෑමට කලින් සැළසුම් කර තිබුණ ද හිටපු ජනාධිපතිවරයා පැමිණෙන බව සැළවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගෙන් කිසියම් විරෝධතාවක් එල්ලවනු ඇතැයි සැකයක් හේතුවෙන් එම යානය බැංකොක් හි පිහිටි හමුදා ගුවන්තොටුපොළකට හරවා යැවිණි.

ආරක්ෂක හේතූන් මත ඔහු රැඳී සිටින හෝටලයේ නම හෙළිකර නැති අතර ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු ද සිවිල් ඇඳුමින් හෝටලයට යෙදවා ඇතැයි දැනගන්නට තිබේ.

ඔහු‍ට තායිලන්තයේ රැඳී සිටීමට අවසර ඇතතේ දින 90ක කාලයක් පමණි.

Related articles

error: Content is protected !!