27.8 C
Galle

සිසුන් කෙළසූ ගාල්ලේ කපුවාට උදව් කළ පොලිස් ලොක්කන්ට වැඩ වරදී ?

Published:

ගාල්ල, උණවටුන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පාසල් සිසුන් විශාල පිරිසක් අපයේජනය කිරීමේ චෝදනා හේතුවෙන් රිමාන්ඩ්කර සිටින කපුවා බේරාගැනීමට උත්සාහ ගත් උසස් පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ පවසයි.

සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ පටන් පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලපෑම් කරමින් ඔහුට ඇප ලබා දීමට කටයුතු කරන ලෙසත්, අධිකරණයට ගෙන යන තුරු ඔහු විශේෂ කාමරයක රඳවා තබන ලෙසත් ඉල්ලූ උසස් පොලිස් නිලධාරීන් සහ දේශපාලනඥයන් සිටි බවට පොලිසියෙන් ම චෝදනා නැගිණි. මෙම සිද්ධිය මාධ්‍යයට හෙළි නොකිරීමට කටයුතු කරන ලෙස ද පරීක්ෂණ මෙහෙය වූ නිලධාරීන්ගෙන් ඔවුන් ඉල්ලා තිබිණි.

මෙම සැකකරුගේ දේවාලය අසළ සෑම අවස්ථාවක දී ම හබරාදුව පොලිසියේ නිලධාරීන් කිහිප දෙනකු රැඳී සිටින බව ද පොලිස් ආරක්ෂාව පවා ඔහුට ලබා දී ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. එමෙන් ම ඔහු විසින් ලබාදුන් රියදුරකු සහිත සුඛෝපභෝගී රථයක් භාවිතා කරන උසස් ‍පොලිස් නිලධාරියකු ද සිටින බව දැනට තොරතුරු හෙළිදරව් වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!